Total Pageviews

Saturday, December 26, 2015

Q&A1

*Photoshop ඉගෙන ගැනීමේදී අළුත්ම Version එකම ඉගෙන ගතයුතු ද ?

 එය ඔබ ඉගෙන ගන්නා ක්‍රමවේදය අනුව වෙනස් වේ. Photoshop වැනි මෘදුකාංගයක පැරණි සංස්කරණ වල සමහර විට වත්මන් සංස්කරණ 
 වලද ඇති නම් වලට වඩා වෙනස් නම් Tools වල තිබිය හැකි අතර පැරණි සංස්කරණයට වඩා නව සංස්කරණවල පහසුකම්ද වැඩි විය හැකිය.
ඔබ අන්තර්ජාල වෙබ් අඩවියකින් හෝ වීඩියෝ පාඩම් හරහා Photoshop උගනී නම්, ඔවුන් භාවිතා කරන සංස්කරණයම භාවිතා කළ යුතුය. 
මෙවන් වෙබ් අඩවි හා වීඩියෝවල බෙහෝ විට නවතම Photoshop සංස්කරණය භාවිතා කෙරේ. පැරණි Photoshop සංස්කරණයෙන් 
උගත් අයෙකුට තරමක් අත්හදා බැලීම් වලින් පසු නව සංස්කරණයට හුරුවිය හැකි අතර නව සංස්කරණය හරහා පහසුවෙන් වැඩ කටයුතු කරගෙන 
යාමට හැකිය. එබැවින් පැරණි හෝ නව සංස්කරණය යන ද්විත්වය මඟින්ම ඉගෙනීම කළ හැකි අතර හොඳින් මෘදුකාංගයේ මූලිකාංග වටහා ගැනීම 
නිසි ලෙස කළ යුතුය.

*පරිගණකය සඳහා හොඳ කැලැන්ඩර් මෘදුකාංග මොනවාද?

හොඳම හා ප්‍රබලම කැලැන්ඩර් මෘදුකාංග ඇත්තේ අන්තර්ජාලයෙහි ය. මෙම online වැඩසටහන් ඔබ වෙත ගෙන එන්නේ online 
ලොව දැවැන්තයන් විසිනි.Microsoft සමාගමේ www.outlook.com හි වම්පස ඉහළ දාරයේ ඇති කොටු පෙළ Click
කිරීමෙන් ලැබෙන out look කැලැන්ඩර්  හා  Google Calendar ( www.google.com / calendar ) 
ඉතා හොඳ කැලැන්ඩර් ඇප් වේ. මේක මඟින් ඔබට උපන්දින, reminders හා වෙනත් දේ පිළිබඳ දැනුවත් කරන අතර online 
නිසා ඔබට ඕනෑම තැනක සිට,ඕනෑම උපාංගයකින් අන්තර්ජාලයට පිවිස, මේවා නිරීක්ෂණය කළ හැකිය.

 *මගේ පරිගණකයට නව Hard Drive එකක් මිලට ගත් අතර මම එයට තව වින්ඩෝස් ස්ථාපනය කරන අතරම එය " c "ලෙස නම් කළ යුතුය.
පැරණි Drive එක " c " ලෙසටම ඇති බැවින් නව Drive එකද  " c " ලෙස නම් කළ හැකිද?


ඔබට මේ සඳහා BIOS මඟින් ඔබේ Boot order එක හෙවත් පරිගණකයේ උපාංග Boot මත පිළිවෙල වෙනස් කර ඔබේ නව හාඩ්
ඩිස්කය පැරණි හාඩි ඩිස්කයට පෙර Boot වන සේ සැකසිය යුතුය . එහි Windows නොමැති බැවින් පරිගණකය Boot නොවනු ඇති 
අතර ඔබට Windows ස්ථාපනය කිරීමේදි එම Drive එකට වින්ඩෝස් ස්ථාපනය කිරීමෙන් එය ස්වයං ක්‍රීයවම " c " ලෙස නම් වනු 
ඇත.
පරිගණකය Boot වන විට Delete,( F2හෝF12) මඟින් ඔබට " Boot Order"හෝ "Boot sequence"නමින් 
Boot වන අනුපිළිවෙල දැකගත හැකි අතර මෙහි ඉහළටම ඔබේ නව හාඩ් ඩිස්කය ගෙන එන්න. ඉන්පසු CD ROM එක පසුව USB 
( Removable ) Device හා                   ඔබේ පැරණි හාඩ් ඩිස්කය ලබා දෙන්න. ඉන් පසු Windows installer 
CD එක හෝ USB උපාංගය සම්බන්ධ කර පරිගණකය Restart කරන්න.( BIOS Setting Save කිරීමට අමතක 
නොකරන්න.) ඉන්පසු ඔබට Windows install කළ හැකි අතර Install ක්‍රියාවලිය තුළදී හෝ Windows ස්ථාපනය 
 කළ පසු හෝ ඔබට පැරණි Drive එක Format කර දැමිය හැකිය

*පරිගණකයෙන්  Phone එකට,Tab එකට හෝ Mp3 player එකකට Songs හෝ Videos Copy කළ විට එහි File Name එක වෙනුවට එය  Download කළ වෙබ් අඩවියේ නම හෝ වෙනත් තොරතුරක් File name එක ලෙස පෙන්වයි. මෙය වලක්වන්නේ කෙසේද?

ඔබ මෙහිදී File එකෙහි Properties Clear කළ යුතුය. මේ සඳහා ඔබට අදාල File එක ( අවශ්‍ය නම් File 
 කිහිපයක් වුවද ) right click කර, එහි properties වලට පිවිසෙන්න. එහි  Details ටැබ් එකට පිවිස , එහි යටින්ම ඇති
" Remove properties  and personal Information " විධානය තෝරා ගන්න. එවිට නව මෙනුවක් විවෘත
වන අතර එහි ඉහළ ඇති " Remove the following properties from this file " යන විධානය සක්‍රීය 
කරන්න. ඉන් පසු පහළ දකුණු පස ඇති Select  All විධානය ක්ලික් කර,ok විධානය ලබාදෙන්න. ඉන්පසු නැවත Details 
ටැබ් එකට පැමිණෙන අතර Apply  කර ok විධානය ලබා දෙන්න. දැන් එම Music Files වෙනත් උපාංගයකට Copy 
 කල පසු එහි File name එක එලෙසම දර්ශනය කෙරෙනු ඇත.

*පැරණි නමුත් ක්‍රියාකාරී හාඩ් ඩිස්කයක් ඇති අතර එය External hard ඩිස්කයක් ලෙස භාවිතා කරන්නේ කෙසේද?

ඔබට අවශ්‍ය නම්, USB to Sata හෝ USB to IDE කේබල පද්ධතියක් මිලට ගත හැකිය. මෙමඟින් ඔබේ හාඩ් ඩිස්කය USB 
මඟින් පරිභෝජනයට සම්බන්ධ කල හැකිය. නමුත් වෙනම විදුලිය ලබා දිය යුතුවේ. එසේ නොමැති නම් ඔබට Hard Disk Enclosure 
Case එකක් මිලට ගත හැකිය. මෙම කවරයට හාඩි ඩිස්කයට සම්බන්ධ කර   එහි ඇති e-SATA කේබලය මඟින් පරිගණකයට සම්බන්ධ කළ 
විට විදුලියද එම කේබලයෙන්ම ලබා ගනී.



Share:

0 comments:

Post a Comment

Created by Hasun Nilupul. Powered by Blogger.