*සුභ ආරංචියක්
Microsoft windows 7 මෙහෙයුම් පද්ධතිය ජනතාවට සමීප වූ වේගයෙන් Windows 8 හා 8.1 හා ජනතාවට සමීප නොවූ බව සාමාන්‍ය කරුණකි.
Windows 8 හා 8.1 නවීන අතුරු මුහුණකට හුරුවීමට බොහෝ දෙනාට අපහසු වීම මෙයට හේතුවයි.කේසේ වුවද Windows 8 හා 8.1 ගැටළු මඟ හරවා
ගනිමින් ප්‍රබල හා ප්‍රශස්ථ Windows 10 මෙහෙයුම් පද්ධතිය ජූලි 29 වන දින සිට මහා ජනයා වෙත නිකුත් කෙරෙනු ඇති අතර නවතම වින්ඩෝස් මෙහෙයුම්පද්ධතිය
හරහා පැරණි Windows මෙහෙයුම් පද්ධති වල තිබූ ( 7,xp ) අපූර්වත්වය හා නව Windows මෙහෙයුම් පද්ධතියේ කාර්යක්ෂමතාව
අත්විදීමට ඔබටත් හැකිවනු ඇත
*windows 10 සඳහා ඔබත් සුදුස්සෙක් ද ?
ටැබ්ලට් පරිගණක පරිශීලකයන්ට නම් Windows 10 update ඒක සඳහා මදක් බලා සිටීමට සිදුවන නමුත් Desktop හා Loptop
පරිශීලකයන්ට නම් Windows 10 ලබා ගැනීමට වරම් ලැබේ.
Processor : 1 GHz ,RAM : 1GB ( 32 bit ) / 2GB ( 64 bit ),Hard Disk : 16 GB ,
Graphic : Microsoft Directx 9 compatible
ඉහත අවම පහසුකම් ඔබේ පරිගණකය සතු නම් ඔබට අන්තර්ජාල සබඳතාවක් හා Windows Microsoft account ඒකක් තිබේ නම් ඔබට
Windows 10 ඔබේ පරිගණකයට ස්ථාපනය කර ගත හැකිය.සරලම පැවසීමේදි ඔබේ පරිගණකයේ Windows 7 හෝ ඉහළ සංස්කරණ ධාවනය
වෙයි නම් බොහෝ දුරට Windows 10 ධාවනය කර වීමට හැකිය.
*නොමිළේ දෙන Windows
Windows 10 මෙහෙයුම් පද්ධතිය 2016 ජූලී 29 වන දින දක්වා සම්පූර්ණයෙන්ම නොමිළේ ලබා දීමට Microsoft සමාගම තීරණය කර ඇත.
ඔබ සතුව
ඇත්තේ නීත්‍යානු කූල Windows 7 ( service pack 1 අවම වශෙයන් ) හෝ Windows 8./8.1 සංස්කරණයක් නම් ඔබට ද Windows
10 නොමිළේම ලබා ගැනීමට හැකිය.කෙසේ වුවද Winows 10 Technical preview පරිගණකයට ස්ථාපනය කර ඇති පරිශීලකයන්ට තවත්
කාලයක් බලා සිටීමට සිදුවන බව කිව යුතුය.
*සරළ ක්රමාණු කූල බාධා රහිත සැකසුමක්
බොහෝ පරිශීලකයන් ඒක් වී ඒකවර Microsoft සමාගමේ වෙබ් අඩවියෙන් Windows 10 Downlod කළ හොත් ඇතිවන
Slow වීම වලක්වන අතර පරිශීලකයන් වෙත ක්රමාණූකූලව Windows “ පිරිනැමීමට “ ඔවුන් කටයුතු කර ඇත. ඔබේ පරිගණකයේ සමහර විට මේවන
විටත් System Tray ඒකෙහි ( Desktop ) ඒකෙහි දකුණු පස පහළ කෙළවරෙයහි Task bar ඒක මත ඇති කුඩා අයිතම සමූහය )නව
Windows 10 අයිකනයන් දකින්නට ලැබෙනු ඇත්නම් ඒ හරහා ඔබට Windows 10 Download කිරීම ඇරඹිය හැකිය. මෙම කුඩා අයිකනය ඔබේ
පරිගණකෙයේ දකින්නට නොලැබේ නම් එයට පහත හේතූ කිහිපය බලපෑමට හැකිය.
*Windows 10 ඔබට නෙලැබීමට හේතූ
1 ඔබේ පවත්නා Windows සංස්කරණය (7,8,8.1) නීත්‍යානු කූල Windows සංස්කරණයක් නොවීම.
2 ඔබේ පවත්නා Windows සංස්කරණය නවතම තත්වයට Update කර නොතිබීම.
3 පරිගණකය දිගුකාලීනව අන්තර්ජාලයට සම්බන්ධ කර නොතිබීම.
4 ඔබේ පරිගණකයේ Windows Update පහසුකම අක්‍රිය කර තිබීම
5 ඔබ තවමත් Windows xp භාවිතා කිරීම
6 ඔබේ පරිගණකයේ දෘඩාංග Windows 10 සඳහා නොගැලපීම.
මෙම හේතූ එකක් හෝ කිහිපයක් නිසා ඔබේ පරිගණකයට Windows 10 update බොත්තම නොලැබී යාමට හැකිය.
*සියල්ල සපිරි නම් තවත් පියවර කිහිපයක්
කෙසේ වුවද මෙම කුඩා විධානය ඔබේ පරිගණකයේ දර්ශනය වේනම් එය ක්ලික් කර ඔබට පහසුවෙන්ම Windows 10 ඔබේ පරිගණකයට
ස්ථාපනය කර ගැනීමට හැකිවාව ඇත. මෙය පැරණි ජනප්‍රිය Windows 7 හා xp හී අනුසාරයෙන් නවීන තාක්ෂණික ක්‍රම යොදා ගෙන නිපදවා ඇති බැවින්
පරිගණකයක් ලොව තුලඉක්මනින්ම ජනප්‍රිය වනු ඇති බවට දැනට අනාවැකි ප්‍රකට වී ඇත.
*Windows 10 සමඟින් ඔබට ලැබෙන තිළිණ කිහිපයක්
1.වේගය
පරිගණකයේ ක්රියාකාරීතිවය හා පරිගණකය පනගැන්වීමේ වේගය අතින් Windows 8 / 8.1 මෙහෙයුම් පද්ධති හා Mac os මෙහෙයුම් පද්ධතිය ද
පසුකර යාමට Windows 10 සමත්වන අතර තම Directx 12 සමඟින් පරිගණක ක්‍රීඩා කරන්නාට තව පිම්මක් ඉදිරියට යාමේ වේගයක් ලැබෙනු ඇත.
2.Start වෙනුව
3.Windows 7 හි start මෙනුව ජනකය
4.Windows 8 හි Start screen ඒක සැමටම ඒතරම් නොගැලපුන ද ඒය හරහා පහසුවෙන් විවිධ කටයුතු නිමකර ගැනීමට සමහරුන්ට හැකි විය.
ඒබැවින් Windows 10 හරහා මෙම ද්ව්ත්වයම ඒකට නම් කල නවීන Start මෙනුවක් හඳුන්වා දී ඇත.
5.Cortana
Android සඳහා Google Now ඇති අතර Apple සඳහා siri සහයට සිටීයි.windows 10 සමඟ ඔබේ සහයට ඩිජිටල් සගයකු ලෙස
Cortanaපැමිණෙනු ඇත.ඔබගේ ඒදිනෙදා වැඩ කටයුතු රුචිතකත්වයන් හා වාග් ශෛලීයට නිරතුරුවම හුරුවන Cortana හට ඔබ සාමාන්‍ය ඉංග්‍රීසියෙන්
පවසන විධාන ක්‍රියාත්මක කිරීමට හැකිය.මීට අමතරව ඔබට අවශ්‍ය පරිධි විවිධ දේ poplur ලෙස හෝ කිරීමද ( Smart Suggestions)
Cortana දෛනික ක්‍රියාවලියේ අංගයකි.
6.වැඩි දියුණු කල Apps
Windows 10 හි ඔබේ කාර්ය අවශ්‍යතාවට ගැලපෙන ලොකු කුඩා ඇප් සොයා ගැනීමට ඔබට මඟ සලසන අතර ඒවා අවශ්‍ය නම් Full screen
( windows 8 medem apps මෙන්) හෝ වින්ඩොස් තුළ ධාවනය කිරීමට ඔබට හැකිය.මීට අමතරව Music video Photo
වැනි සාමාන්‍ය අවශ්‍යතා සඳහා වෙනම ඇප් ඒකතුවක් හඳුන්වා දෙනු ලැබේ.
7.තවත් වැඩි දියුණු කර
ස්පර්ෂක සන්වෝදක උපාංග සඳහාද Windows 10 නිර්දේශිත බැවින් Windows 8 වලට වඩා දියුණු කළ ස්පර්ශ සංවේදක පහසුකම් මාලාවක් Windows
10 තුළට සම්බන්ධ කර ඇත.
8.Xbox සබඳතාව
Xbox හා pc සම්බන්ද කරන පාලමක් බඳු මෙම පහසුකම හරහා Xbox හී ක්‍රීඩා Highscores වැනි අංග පරිගණකයට Stream කිරීමටද හැකි
අතර pc හා xbox අතර multiplayer ක්‍රීඩා කිරීමට ද මෙමඟින් හැකියාව ලැබේ.
පසුවදනක්……
ඔබේ පරිගණකයට Windows 10 ස්ථාපනය කිරීමට ඔබ පියවර ගැනීමේ දී දත්ත Backup කර,නිසි පියවර අනුගමනය කරමින් එය ස්ථාපනය කිරීමට වගබලා
ගත යුතුය. එසේම නව තාක්ෂණයට බිය නොවී,එය ලබාගෙන අත්හදා බැලීමට හා නව තාක්ෂණය සමඟ හා එදිනෙදා පරිගණක භාවිතය කාර්යක්ෂම කරගැනීමට
කැමති ඔබට Windows 10 හොඳ නවෝත්පාදනයක් වනු ඇති බව පැහැදිලිය.
0 comments:
Post a Comment