UbiSoft සමාගමේ අසමසම Open world Historical Adventure Stealth – Action පරිගණක ක්‍රීඩා
මාලාවේ මීලඟ ප්‍රධාන සංස්කරණය වන Assassin's creed syndicate ක්‍රීඩාව 2015 ඔක්තෝම්බර් 23 දින
PlayStation 4හා Xbox one සඳහා දොරට වැඩීමට නියමිත අතර Microsoft windows සඳහා 2015
සිව්වන කාර්තුවේ දී දොරට වඩිනු ඇත. 2014 නිකුත් වූ Assassin's creed unity ක්‍රීඩාවට මෙය අනුප්රාත්තියකු
ලෙස ක්‍රියා කරයි.
වික්ටෝරියා පාලන සමයේ එංගලන්තය නිරූපණය කරන මෙම ක්‍රීඩාවේ මැවූ ක්‍රීඩා වපසරිය unity ක්‍රීඩාවේ නිර්මිත පැරීසියට වඩා 30% ක්
පමණ විශාල අතර 1868 දී ලන්ඩන් නගරය ඉතා විච්ත්රවත් ලෙස ප්‍රතිනිර්මාණය කර ඇත. නගරය Westminster, strand, city
of London, Whitechapel, southward හා Lambeth යන අංශ 6කට වෙන්කර නිර්මාණය කර ඇත. (goo.gl /
SPTD8y) Jacob හා Evie Frye නම් වූ නිවුනු දෙපළ ක්‍රීඩාවේ ප්‍රධාන චරිත වන අතර, Assassin's creed
ක්‍රීඩා මාලාව තුළ ප්‍රථම වරට ක්‍රීඩකයාව හැසිරීමට හැකි කාන්තා ප්‍රධාන චරිතයෙන් හඳුන්වා දුන් හා අවශ්‍ය විටක ප්‍රධාන ක්‍රීඩා චරිත මාරු
කිරීමටත් හැකි ප්‍රථම ක්‍රීඩාව මෙය ලෙස හඳුන්වා දිය හැකිය. Jacob හා Evie විවිධ ගැටළු දෙයාකාරයෙන් විසඳීමට උත්සහා
දරන පුද්ගලයන් වන අතර අදාල අවස්ථාවට වඩාත් ගැලපෙන චරිත තෝරා ගැනීම ක්‍රීඩකයා විසින් සිදුකළ යුතුය. Syndicate
ක්‍රීඩාවේ Multiplayer පහසුකම් දක්නට නොලැබේ. ( goo.gl / Hm6GZP )
දී ඇත. Brass Knuckles , කුඩා හැරමිටියක සැඟවූ කඩුවක්, කෙටි කඩුවක් මේ තුල අන්තර්ගත කර ඇත. මෙහි සටන්
කලාව ඉතා අභියෝගාත්මක හා වේගවත් වන අතර එකවර එදිරි වාදීන් කිහිපදෙනෙක්ම ප්‍රධාන චරිත වලට පහර දෙනු ඇත. මීට අමතරව නව
හඳුන්වා දීමක් වන Rope Launcher අවිය මඟින් ගොඩනැගිලි අතර ගමන් තිරීමට ලණුවක් විදීමට හැකිය. මෙය තරමක් දුරට Just
Cause ක්‍රීඩාවල ඇති Grappling hook උපාංගයට සමානය.
එබැවින් වේගවත් සටන් කළාවක් පමණක් නොව වැඩි දියුණු කරන ලද චලන රටා නිසා මෙන්ම parkour හැකි නිසා වේගයෙන් නගරය
තුළ සැරි සැරීමටද ක්‍රීඩකයාට හැකිය. Anvil next Game engine හා නවතම පරිගණක සජීවිකරණ ක්‍රමවේ ද මඟින් නිපදවන
ලද Assassin's Creed Syndicate ක්‍රීඩාවද සිය පූර්විකයන් මෙන්ම මිතුරු වනු ඇති බව නොඅනූමානය.
0 comments:
Post a Comment