GTA-v ක්‍රීඩාව පරිගණක ක්‍රීඩා තුල ඇතිකර තිබෙන්නේ අලුත්ම ආකාරයේ උන්මාදයකි. අතීතයේ සිටම සියලුම GTA ක්‍රීඩා ඒවායේ
Sand Boxing හෙවත් ක්‍රීඩකයාට නිදහස් අත්හදා බැලීමි කිරීමේ හැකියාව අතින් ඉහළ බව පැවසිය යුතු නැත. ක්‍රීඩකයාට නිදහස්
පරිස්සමින් විවිධාකාර අත්හදා බැලීමි සියලුම GTA ක්‍රීඩා තුළ සිදු කල හැකි බැවින් එය ජනප්‍රිය වීම සාමාන්‍ය කරුණකි.
සාමාන්‍ය ක්‍රීඩා වයසින් හා ක්‍රියාකාරීත්වයෙන් බැහැර වී අලුත්ම ආකාරයක ක්‍රීඩා අද්දැකීමි ලබාගැනීමට කැමති ක්‍රීඩකයන්ට GTA
ක්‍රීඩා සඳහා අතිරේක සීරුමාරු කිරීමි හෙවත් Mods හඳුන්වා ඇත.
" Mod " එකක් යනු යමි ක්‍රීඩාවක් පරිගණකයේ ස්ථාපනය කළ පසු අතිරේක මෘදුකාංගයක් මඟින් එම ක්‍රීඩාවේ විවිධාංග වෙනස් කිරීමට
ඇති හැකියාවයි. www.gtainsider.com වෙබි අඩවියෙන් අදාල Mods downlod කර ගත හැකි අතර goo.gl /
vtmuak වෙබි ලිපිනයෙන් ලබා ගත හැකි GTA-v Mod Manager හරහා ඔබට අවශ්‍ය Mods ක්‍රීඩාව Install
කළ හැකිය. මෙම ලිපිනයෙන් ඔබ වෙත ගෙන එන්නේ GTA-v ක්‍රීඩාව සඳහා නිපදවා ඇති වෙනස්ම ආකාරයේ Mods කිහිපයක් පිළිබඳවයි.
*The Car Cannon
GTA-v සඳහා හඳුන්වන විවිධ Mods අතින් අමුතුම හා පැරණිම Mods එකක් වන මෙය මඟින් GTA-v තුළ අමුතුම ආකාරයක
කලබැගෑනියක් ඇති කල හැකිය. (goo.gl / KPqIha )හරහා ඔබට downlod කල හැකි මෙය මඟින් සිදු කෙරුනුයේ ඔබේ
අවියෙන් පිටවන උන්ඩ වර්ග වෙනස් කිරීමයි. Car Cannon Mod එක සක්‍රීය කළ විට GTA- v තුළ දී ඔබේ ආයුධයෙන් උන්ඩ
වෙනුවට අහබු ලෙස වාගත පිටවන අතර අතිවිශාල පරිමාණයක විනාශයක් කිරීමට මෙමඟින් ඉඩ සලසයි. www.gta5-mods.com
මඟින් ලබා ගත හැකි මෙය වැඩි වශයෙන් ක්‍රියා කරන විට ඔබේ පරිගණකයට වැඩි වශයෙන් Graphic ධාවනය කිරීමට අවශ්‍ය බැවින්
Game එක Crash වීමට ඉඩ ඇති බව මතක තබා ගත යුතුය
*Grappling Hook v1.o.2
GTA ක්‍රීඩා මාලාවට බෙහෙවින් සමාන ක්‍රීඩාවක් වන Just Cause ක්‍රීඩාවේ ඔබ නිරත වී ඇත්නම් Grappling Hook යනු
කුමක් දැයි මෙන්ම එහි වාසි මොනවා දැයි ඔබ දන්නවා විය හැකිය. ( goo.gl / m8ixJV ) හරහා ලබා ගත හැකි Grappling
Hook Mod එක මඟින් ඔබට GTA-v ක්‍රීඩාවේ වාහන විවිධ ද්‍රව්‍ය හා පුද්ගලයින් එකට අමුණා ගැනීමට හැකි ලණුවක් ලැබෙන අතර එය
එය භාවිතා කර ඕනෑම ඉහළ තැනකට ආදී යාමට හෝ ඔබේ වාහනයට විවිධ දේ අමුණා ගැනීමට ඔබට හැකිවනු ඇත. GTA-v සඳහා ඇති
සෑම Mods එකක්ම ඉහතින් දක්වා ඇති ආකාරයේ සුපිරි බලයන් ලබා දෙන විනාශකාරී Mods නොවේ. සමහර ක්‍රීඩකයන්ට GTA-v
තුලින් තාත්වික පරිගණක ක්‍රීඩා අද්දැකීමක් ලබා ගැනීමටද අවශ්‍යයතාවක් ඇති බව ප්‍රකට කරුණකි. (goo.gl / gp DO9m )හරහා
ඔබට ලබා ගත හැකි Realistic Driving Mod එක මඟින් ඔබට GTA V හි රථවාහන හැසිර වීම ඉතා තාත්වික
වටිටමකට හරවා ගැනීමට හැකිය.
*Clear HD v 4.8
( goo.gl / YzSi49 )හරහා ලබා ගත හැකි මෙම Mod එක මඟින් ඔබට ප්‍රබල Graphics Card එකක් ඇතිනම් GTA V ක්‍රීඩාව
බොහෝ තුළට තාත්වික HD ප්‍රමිතියෙන් පරිවර්තනය කර ගැනීමට හැකිවනු ඇත. මොටර් රථ, පරිසරය, පදිකයින් ,ගොඩනැගිලි යන සියලුම දේ ඉතා
තාත්වික දර්ශනය වනු ඇති අතර First Person Uiew තුළින් ක්‍රීඩාව කරන විට නවතම Modern worfare ක්‍රීඩාවක අද්දැකිමට සමාන
අද්දැකීමක් ඔබට ලැබෙනු ඇත
*Open All interiors v 2.o
GTA V ක්‍රීඩාවේ ප්‍රධානතම Mission අවසන් කල පසු කිරීමට දෙයක් සොයන ඔබට මෙම Mod එක මඟින් අලුත් යමක් ලැබෙනු ඇත.
( goo.gl / frl 2uo )ලබා ගත හැකි හැකි මෙම Mod එක හරහා ඔබ ක්‍රීඩාවේ Missions අතර තුළදී ගමන් කල විවිධ
ප්‍රධාන ගොඩනැගිලි 40 ක් පමණ විවෘත කරනු . මෙයින් බොහෝමයක් Missions තුළ දී පමණක් විවෘත වන බැවින් ඒවා තුළට නැවත
පිවිසීමට ඉඩක් ලැබීම අතිරේක වාසියක් වනු ඇත.
Main URL Short link
www.gtainside.com ( goo.gl / 9mJxT )
www.gta5-mods.com ( j.gs / 69 Nn )
www.moddb.com ( bitily / 19nzomt )
යන වෙබි ලිපින හරහා (ඔබේ පහසුව සඳහා අප short link ද ඔබට ඉදිරිපත් කර ඇත) ඔබට තවත් GTA V ,VI, San
Andrias වැනි සියලුම GTA සංස්කරණ සඳහා Mod රාශියක් ලබා ගත හැකිය. කෙසේ වුවද Mods Install කිරීමට පෙර Game
data Savefiles යනාධි Backup කර Mods යෙදීම නුවණට හුරුය Mods මඟින් ඔබේ ප්‍රධානතම දත්ත වෙනස් කරන
බැවින් සමහර අවස්ථා වලදී ක්‍රීඩාව crash වීමට හා අක්‍රිය වීමට ඉඩ ඇති බව සිහි තබා ගත යුතුය.
0 comments:
Post a Comment