Total Pageviews

Saturday, December 26, 2015

පේරුහි ස්කයිලොජ් ත්‍රාසජනක කුටි



කඳු මුදුනක ඉහල දිනක් ගත කිරිමට ලැබීම කොතරම් සුන්දර අත්දැකිමක්ද? එයිනුත් කඳු මුදුනේ අවකාශයක තැනු කුටීරයක අවදානම් ස්ථානයක
ගත කිරිමට ලැබෙන්නේ නම් එය කෙනෙකුගේ දිවියේ ලැබෙන ත්‍රාසජනකම අත්දැකීමක් වනු නොඅනුමානය. එවැනි ත්‍රාසජනක අත්දැකිමක්
ඔබට අත්විදිය හැකි ස්ථානයක් තමයි පේරුහි ස්කයිලොජ් කුටී. එහි පැය කිහිපයක් ගත කිරිමත් ඔබට ත්‍රාසජනක මෙන්ම සුන්දර අමතක
නොවන අත්දැකීමක් ලබාදෙනු නොඅනුමානයි.

වසර 2013 දී ඉදිකරන ලද මෙම කැප්සුලයක ආකාරයේ ඇලුමිනියම් හා පොලිකාබනේට් කුටීර පේරුහි නිම්නයක කඳු මුදුනේ මීටර් 400ක්
ඉහලින් පිහිටා ඇත. මෙයට ලගා වීම  දෙයාකාරයකින් සිදුකල හැක. තිරස් ඉනිමග මඟින් මෙන්ම සිරස් ඇහුරුම් ආධාරයෙන්ද මෙයට
ඇතුල්විය හැක. මීට අමතරව කඳු නැගීමට අපහසු හා අකමැති අය සඳහා පාගමන් මාර්ග සහ තැපැල් මාර්ග ජාලයක්ද ඇත.
අඩි 24 x 8 ප්‍රමානයේ මෙම කුටීර වල ඇදන් 4ක්, ආහාර ගැනීම සඳහා කොටසක්, සුර්ය බලය යොදාගත් ආලෝක පද්ධතියක් සහ නාන
කාමරයක් සහිතයි. එසේම එලිමහන් වාතාශ්‍රය ලබාගැනීම සඳහා එලිමහන් විවෘත වේදිකාවක්ද සහිතයි. මෙම කුටීර තුල රැයක් ගත කිරිම සඳහා
කුස්කෝ නගරයේ සිට ප්‍රවාහන පහසුකම්ද ඇතුලත්ව එක් පුද්ගලයෙකුගෙන් ඇ.ඩෝ.289ක මුදලක් අය කරයි. උදැසන ආහාරය මෙන්ම 
වයින් සමඟ රාත්‍රි ආහාර වේලද මෙම පැකේජයට ඇතුලත් වෙයි. 


Share:

0 comments:

Post a Comment

Created by Hasun Nilupul. Powered by Blogger.